27 C
Colombo
Saturday, June 10, 2023

47 වන G7 සමුළුව එංගලන්තයේ දී ඇරඹේ

- Advertisement -

ලොව ප්‍රමුඛතම කාර්මික හා ප්‍රජාතන්ත්‍රවාදී රටවල එකමුතුව ලෙසින් හැදින්වෙන G7 සංවිධානයේ 47 වන සැසිවාරය ජුනි 11 වන දින සිට ජූනි 13 දක්වා පුරා දින තුනක් එංගලන්තයේ කෝර්න්වෝල්හි දී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්තමානයේ G7 සමුළුව ලෙසින් හැදින්වෙන මෙම සමුළුව 1975 වසරේ දී සාමාජිකයන් 6 දෙනෙකුගෙන් යුක්තව G6 ලෙසින් ආරම්භ කරන ලද්දකි.

පසුව කැනඩාව එක්වීමෙන් පසුව G7 බවට පත්වූ අතර 1998 වසරේ දී රුසියාව එක්වීමෙන් G8 බවටත් 2014 වසරේ දී රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් නැවතත් G7 සංවිධානය බවට පත්විය .

G7 සංවිධානයේ සාමාජික රටවල් 07 වන බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල රාජ්‍ය නායකයන් සමඟ යුරෝපා සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටින අතර මෙවර සමුළුවට සත්කාරත්වය බ්‍රිතාන්‍යය දරයි.

ඒ අනුව සමුළුවේ සභාපතිත්වය දරනුයේ බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් විසිනි .

එමෙන්ම කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්, ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි, ජපාන අගමැති යොෂිහිඩේ සුගා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් සමඟ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලෙයින් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් යන රාජ්‍ය නායකයන් සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් මෙවර සමුළුවට එක්වේ.

සෑම වසරකම සමුළුව නිරීක්ෂණය සදහා රටවල් කීපයකට ආරධනා ලැබේ.මෙලෙස එලසින් ආරාධනා ලැබී ඇති රටවල් වන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාව හා දකුණු කොරියාව යන රටවලටය.

ඉන්දියාව නියෝජනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සූම් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වන අතර ඔස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන්, දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා, දකුණු කොරියානු අගමැති මුන් ජායි ඉන්ග් යන රාජ්‍ය නායකයන් සමුළුවේ නිරීක්ෂණය සදහා සහභාගී වී ඇත.

මෙවර සමුළුව සැසි වාර 6ක් යටතේ පැවැත්වෙන අතර එහි තේමාව වන්නේ “වසංගතයෙන් නැවත ගොඩනැගෙමු” යන්නයි.ඒ අනුව ලොවපුරා පවතින කොරෝනා වෛරසය තත්ත්වය මැඩලමින් නැවතත් ලොව සැමට විවෘත වෙළදාම ,තාක්ෂණික වෙනස්වීම හා විද්‍යාත්මක සොයාගැනීම් වලින් ප්‍රයෝජන ගත හැකි බව සහතික කරන වඩාත් සමෘද්ධිමත් ,සුන්දර හා හරිත අනාගතයක් ගොඩනැගීම මෙවර සමුළුවේ අපේක්ෂාව වී ඇත.

මෙවර G7 සමුළුව ගෝලීය ප්‍රජාවට වැදගත් යෝජනා රැසක් ඇති බව වාර්තා වේ .ඒ අතර ලොව දිළිඳු රටවල් සදහා කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවත්,බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් විසින් 2022 වසර වනවිට සමස්ථ ලෝක ජනයාටම කොරෝනා එන්නත් ලබාදී අවසන් විය යුතු බවට වන යෝජනාවක් ද ඉදිරිපත් කිරීමය නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින්, ඉතාලි අගමැති මරියෙන් ඩ්‍රාගි සහ ජපාන අගමැති යොෂිහිඩේ සුගා බලයට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික සමුළුව G7 සමුළුව වීමද මෙහි විශේෂත්වයකි.

2019 වසරේ දි 45 වන G7 සමුළුව ප්‍රංශයේ බියරිට්ස් නගරයේ පැවැත්වීමෙන් පසුව මෙලෙස 47 වෙනි සමුළුව එංගලන්තයේ පැවැත්වෙනුයේ එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතව තිබූ 46 වන සමුළුව කොවිඩ්19 හේතුවෙන් අවලංගු වීමෙන් පසුවය.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.