24.5 C
Colombo
Tuesday, June 17, 2025

පුද්ගලයින් 48කට මරු කැඳවූ නයිජීරියාවේ අනතුර

- Advertisement -

නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ට්‍රක් රථයේ සිටි ගවයින් 50 දෙනෙකු ද, මියගොස් තිබෙන අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව, සියයකට ආසන්න බව සඳහන්.

අනතුර සිදුවූ ස්ථානයේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අප්‍රිකානු කලාපයේ ජනාකීර්ණම රටවන නයිජීරියාවේ භාණ්ඩ ප්‍රවාහන සඳහා විධිමත් දුම්රිය මාර්ග පද්ධතියක් ක්‍රියාත්මක නොවිම හේතුවෙන් වාර්ෂිකව, ඉන්ධන බවුසර් විශාල ප්‍රමාණයක් අනතුරට ලක්වනවා .

2020 වසරේදී ඉන්ධන බවුසර් 1531 ක් අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 535 ක් බවති විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...