25 C
Colombo
Monday, October 14, 2024

රජයේ ඉඩමක් ලක්ෂ 40ට විකුණූ විත්තිකරු නිදොස් කොට නිදහස්

- Advertisement -

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් “වංචාවක්” සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙන පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කළා.

මෙසේ නිදහස් කරනු ලැබුවේ ඇල්ලකන්ද පාර, ඇල්ලගාව පදිංචි මහේෂ් මොන්ගොමරි උඩවත්ත නමැති අයෙක්.

රත්නපුර, ඇහැලියගොඩ මැතිවරණ යටිපහුව ගමේ පිහිටී අක්කර 26 යි, රූඩ් 01 යි, පර්චස් 10 ක් විශාල ඉඩමක් වංචාකාරී ලෙස විකිණී බවට චෝදනා නගා විත්තිකරුට එරෙහිව මහාධිකරණ හමුවේ නඩු පවරා තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් වෛද්‍ය ලීලාරත්න විජේසිංහ ,සුභසේන ගොපල්ලගේ, නීතිඥ රංජිත් සෝමසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අසංක රංජිත් හා සාලිකා විජේගුනවර්ධන, පොලිස් සැරයන් ලක්ෂ්මන් රාමනායක යන අයව සාක්ෂියට කැදවා තිබුණා.

පැමිනිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ ෂයිනි වීරසූරිය මහත්මිය ද විත්තිකරු වෙනුවෙන් නීතිඥ අයෝධ්‍යා ගමගේ මෙනවිය සමග නීතිඥ සුමේධ වි. පෙරේරා මහතා ද පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...