28.9 C
Colombo
Thursday, March 27, 2025

ජලනි ප්‍රේමදාස නිසා ගුවන් හමුදාවත් අවුලක

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙන අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ඇයට ගෞරව ආචාර දක්වන අයුරු දක්වන වීඩියෝවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජලනි ප්‍රේමදාස මහත්මියට මෙලෙස ආචාර දැක්වීම සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, එලෙස ආචාර කර ඇත්තේ එම අවස්ථාවේදී ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ පැමිණි පිරිස අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට බවයි.

සාමාන්‍ය වශයෙන් මෙලෙස ගෞරව ආචාර දක්වන්නේ රාජ්‍ය නායකයින් වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පමණක් බව සඳහන්.

පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයක් සඳහා ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ පිරිස පැමිණ තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතාද ඇයගේ පිටුපසින් පැමිණෙනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝව නැරඹීමේදී මෙලෙස පැමිණි කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජලනි ප්‍රේමදාස සියල්ලට ඉදිරියෙන් පැමිණෙන බවත් ඒ වන විටත් ගුවන් හමුදා භටයන් ඇයට ආචාර කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බවත් නිරීක්ෂණය වනවා.

ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ඇයට හින්දු ක්‍රමය අනුව විශේෂ සලුවක් උරහිසට දමා පිළිගන්නා විටත් ජී.ඇල්. පීරිස් මහතා ඇයගේ පසුපසින් පැමිණෙන අයුරු දක්නට ලැබෙනවා.

එහිදී එම පිරිසට ගුවන් හමුදාව විසින් ආචාර දක්වා තිබූ අතර අදාළ වීඩියෝව සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු විසින් ෆේස්බුක් වෙත උඩුගත කර තිබූ අතර මේ වන විට එම වීඩියෝවෙන් අචාර දක්වන කොටස සංස්කරණය කර ඉවත් කර ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES