අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
කොවිඩ් සඳහා වූ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඇයට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා
ජිල් බයිඩන්ට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බව ඇගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන අතර 72 හැවිරිදි ජනාධිපති ආර්යාව Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ