31 C
Colombo
Friday, April 19, 2024

ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට තොරතුරු

- Advertisement -

මුම්බායී සිට ගෝවේ බලා යාත‍්‍රා කරමින් තිබූ ‘කෝර්ඩේලියා’ නම් වූ යාත්‍රාවේ පැවති සාදය සදහා පුද්ගලයින් 800 කට අධික පිරිසක් සහභාගි වී ඇති අතර එයට ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් හට විශේෂිත අමුත්තෙකු ලෙස එක්වන ලෙස එහි සංවිදායිකයන් ආරධනා කර ඇති බව වාර්තා වනවා.

නැව ගමන් කරනා විට හා අන්තර්ජාතික මුහුදේ නවතා සාද පැවැත්වීම සඳහා සංවිධායකයින් මෙම නැව් සංචාරය සැලසුම් කර තිබුණා.

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට (NCB) ලැබුනු තොරතුරක් මත ඔවුන් ප්‍රවේශ පත් 22 ක් වෙන් කරවාගෙන මෙම නැව් සාදයට එක්ව තිබෙනවා.

එම සාදයට සහභාගීවීම සඳහා එක් ටිකට්පතක මිල ඉන්දියානු රුපියල් ලක්ෂයක් ලෙසට නියම කර තිබුණා.

කෙසේ වෙතත් වැටලීමේදී 800 ක පිරිසෙන් ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් හා තවත් පුද්ගලයින් 7 දෙනෙකු පමණක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ අත්අඩංගුවට පත්වුණා.

නමුත් මෙම පුද්ගලයින් 8 දෙනා අතුරිනුත් පුද්ගලයින් තිදෙනෙකු ළඟ තිබී පමණක් මත්ද්‍රව්‍ය හමුවී ඇති නමුත් ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ළඟ තිබී මත්ද්‍රව්‍ය හමුවී නැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආර්යන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර නොසිටි බවටද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ වන විට ආර්යන් ඛාන් ඉලක්ක කරමින් සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකර තිබෙනවා.

එනම් NCB විසින් මෙම වැටලීම සිදුකිරීමෙන් පසුව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගත්තද ඉන් අනතුරුව නැවෙහි එම සාදය නවතා දැමීමට නියෝග කර නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 22 ක් වැයකොට NCB නිලධාරීන් මෙතරම් සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඳහා වැටලීමකට මහජන මුදල් යෙදවීම පිළිබදවද ඉන්දියාව තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ඊට අමතරව ආර්යන් ඛාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සමඟ ජායාරූපයේ පෙනී සිටින පුද්ගලයා NCB නිලධාරියෙකු නොවන බවයි වාර්තා වන්නේ.

එබැවන් මෙවැනි වැටලීමකට ඔහු එක්වූයේ ඇයිදැයි යන්නත් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

තවද මනිෂ් භනුෂාලි නැමැති පුද්ගලයෙකුද NCB ය කළ මෙම වැටලීමට එක්ව සිටියා. පසුව කළ සොයාබැලීමේදී වාර්තා වී ඇත්තේ ඔහු පාලක BJP පක්ෂයේ උප ප්‍රධාන නායකයෙකු බවයි.

RECENT ARTICLES - SINHALA

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...