රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව යළි ඔක්තෝබර් මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා.
මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ගොනුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන්නැයි විත්ති පාර්ශවය සිදුකළ ඉල්ලීමට අනුව මහාධිකරණය එම නඩුව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් 2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා .