29 C
Colombo
Wednesday, June 7, 2023

සත්කාරකයන්ට අමිහිරි මතකයක් ඉතිරි කරමින් ඔසී කෙල්ලන් තෙවැනි වරටත් විස්සයි විස්ස ශූරයන් වෙයි

- Advertisement -

හයවන වරටත් පැවැති කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

ඒ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 19කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 156කි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගත් අතර ඊට හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු දෙක බැඟින් දවා ගත්තා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 137ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Laura Wolvaardt පන්දු 48කදී ලකුණු 61ක් ලබාගත්තා.

ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Megan Schutt, Ashleigh Gardner, Darcie Brown සහ Jess Jonassen එක් කඩුල්ල බැඟින් බිඳ හෙලුවා.

මෙය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අඛණ්ඩව විස්සයි විස්ස ලෝක ශුරතාව දිනු තෙවන අවස්ථාව ලෙසයි ඉතිහාසගත වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...