මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ – ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ වෙඩි පහර කිහිපයකින් මියගොස් තිබෙන බව ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරනවා.
ඇළහැර වනජීවී කාර්යාලය පවසන්නේ මොරගහකන්ද – කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ මාර්ගය අසළ මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බවයි.
වෙඩි පහරවලට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 6-8 ක් පමණ වයසැති ඇත් උස අඩි 6ක් පමණ වන කුඩා ඇත් පැටියෙකු බවත් එම ඇත් පැටවාගේ හිසට වෙඩි පහර 08ක් පමණ තබා ඇති බවට තහවුරු වී ඇති බවත් ඇලහැර අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සඳහන් කරනවා.