30 C
Colombo
Friday, July 19, 2024

අල්ලස් ගත් පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම විසිවෙයි

- Advertisement -

රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් ලබන 23 දින දක්වා බන්ධනාගාරගත කිරීමට අද (09) නියෝග කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154,200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන පසුගිය හයවෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණා.

අත්අඩංගුවට ගත් අල්ලස් මුදල අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළා.


RECENT ARTICLES - SINHALA

සභාපති වෙන්න නිමල් සිරිපාලට අයිතියක් නෑ – තිලංග සුමතිපාල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස්...

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...