25 C
Colombo
Friday, January 17, 2025

මෝටර් රථ සිද්ධියට සෙට් එකකගේ බැංකු ගිණුම් තහනම් කරලා

- Advertisement -

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව, අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් සඳහා එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කලා.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිනුම් දෙකක් ද අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES