30 C
Colombo
Tuesday, April 29, 2025

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

- Advertisement -

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇඳ මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලීසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, ඔවුන් සියදිවි තොර කර ගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

එම යුවළ වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES