28 C
Colombo
Saturday, April 19, 2025

කඩා වැටුණු යානයේ සිටි පිරිසගේ සිරුරු සොයා ගෙන

- Advertisement -

බ්‍රසීලයේ වින්හෙඩෝ ප්‍රදේශයට ඉකුත් සිකුරාදා (09) කඩා වැටුණු ගුවන් යානයේ ගමන් ගත් මගීන් 62 දෙදෙනාගේ මළ සිරුරු සොයා ගත් බව එරට බලධාරීන් පවසනවා.

වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් යානයේ සිට මියගිය පිරිස මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගත් බවට වාර්තා වනවා.

ගුවන් අනතුරෙන් මියගිය 62 දෙදෙනාගෙන් 34ක් පිරිමි පුද්ගලයන් වන අතර 28ක් කාන්තාවන් බව බ්‍රසීල බලධාරීන් සඳහන් කරනවා.

අනතුරට ලක්වූ ගුවන් යානය අඩි 17,000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ක්ෂණිකව කඩා වැටුනු බවට විදෙස් මාධ්‍ය පවසනවා.

එම යානයේ ගුවන් නියමුවන්ගේ සිරුරුද හඳුනාගෙන ඇති අතර එම මළ සිරුරු සාඕ පවුලෝ පොලිස් මෘත ශරීරාගාරයේ දැනට තැන්පත් කර තිබෙන බවයි බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ මගීන් 57 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනකු සිටි බවට ප්‍රථමයෙන් එම වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළද පසුව එහි ගණනය නොකළ තවත් මගියෙකු සිටි බව වෝපාස් ගුවන් සේවය සඳහන් කර තිබුණා.

ඒ අනුව එම ගුවන් යානයේ මගීන් 58 දෙනකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් දක්වා පියාසර කරමින් තිබූ බව එම ගුවන් සේවය පවසනවා.

කෙසේ වෙතත් මෙම අනතුරට හේතුව තවමත් අබිරහසක් බව වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...