හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අහිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුර ඊයේ (08) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
හික්කඩුව පොලීසිය කියා සිටියේ මෙම විදෙස් කාන්තාව කුමන රටක දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට කළපුවේ පාවෙමින් තිබූ මේ විදෙස් කාන්තාවගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම කාන්තාව කලපුවේ දිය නෑමට ගොස් මියගියාද නැතිනම් වෙනත් හෙතුවෙකින් මිය ගියේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.