සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය තහවුරුව තිබේ.
එම මළසිරුර වයස අවුරුදු 42ක කාන්තාවකගේ බවයි පැවසෙන්නේ.
එමෙන්ම, ඇය කොළඹ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි අයෙකු බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබීය.