27.8 C
Colombo
Monday, December 2, 2024

අම්පාර ට්‍රැක්ටර් අනතුරින් අතුරුදන්ව සිටි තවත් සිසුවෙකුගේ සිරුර හමුවෙලා

- Advertisement -

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩපහරට හසුව පෙරළීයාම හේතුවෙන් දියේ ගිලී අතුරුදන්වු තවත් පාසල් සිසුවෙකුගේ මළ සිරුරක්  සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අද (30) උදෑසන එම සිසුවාගේ මළ සිරුර සොයාගත් බවයි.

පසුගිය 26වනදා පස්වරුවේ නින්දවුර් ප්‍රදේශයේ සිට සමන්තුරෙයි ප්‍රදේශයට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පැවති ජල ගැලීම් තත්වය හමුවේ සැඩපහරට හසුව පෙරළී යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් 14 දෙනෙකු දියේ ගිලී අනතුරට ලක්ව තිබු අතර ඉන් සිසුන් 08 දෙනෙකු මුදා ගැනීමට හැකිව තිබුණා.

සිසුන් 05 දෙනෙකුගේ මළ සිරුරු මීට පෙර සොයාගෙන තිබු අතර ට්‍රැක්ටර් රථ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද පසුගිය දා සොයාගත් ගැනුණා.

ඒ අනුව අදාල සිද්ධියෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES