24 C
Colombo
Thursday, February 13, 2025

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

- Advertisement -

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු පැහැති කුඩා වෑන් රථයක් පැමිණ එහි පසුපස අසුනේ දොර විවෘත කරන තරුණයෙක් මෙම තරුණිය බලහත්කාරයෙන් ඔසවා වෑන් රථයට දමාගෙන යන අයුරු එහි දැක්වෙනවා.

එසැණින් බියට පත්වන අනෙක් තරුණිය දිව යන අතරතුර පාරේ ගමන් ගත් තරුණයෙක් ඇය මුදා ගැනීමට ඉදිරිපත් වන අයුරු පෙනෙන්නට තිබෙනවා.

ඔහු තරුණිය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන බව දකින්නට ඇති අතර, එම තරුණයා වෑන් රථයේ එල්ලී සෑහෙන දුරක් යන බව ද එම විඩීයෝවේ ඇතුළත් වෙනවා.

සිදුවීම දවුලගල, හපුගහයට තැන්න ප්‍රදේශයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැහැර ගැනීම ඊයේ (11) පෙරවරු 07.45ට පමණ සිදුව තිබෙන බව දවුලගල පොලිසිය පවසනවා.

පැහැර ගැනීමට සම්බන්ධ වෑන් රථය පොලොන්නරුව නගරයේ ඇතහැර දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙන අතර එය කුලි පදනම මත ලබාගෙන තිබෙන බවද වාර්තා වනවා.

පැහැර ගැනීමට ලක් වූ තරුණිය හෝ පැහැර ගැනීම සිදු කළ තැනැත්තා ගැන මෙතෙක් තොරතුරක් නොමැති අතර එම තරුණිය ගම්පොළ, මරියවත්ත පදිංචිකාරියක් බව පොලිසිය පවසනවා.

ඇය දවුලගල, හපුගහයට තැන්න ප්‍රදේශයේ සිට ඉගෙනුම් කටයුත්තක නිරතව සිට තිබෙන බව පැවසෙනවා.

පැහැර ගැනීම සිදු කර ඇත්තේ තාරුණියගේ ඥාති සහෝදරයෙක් බවත් තරුණිය සැකකරුගේ මාමාගේ දියණිය බවද පැවසෙනවා.

දියණිය තරුණයාට විවාහ කර දීමට එම නිවැසියන් කැමැත්තෙන් පසු වී ඇතත් එම අදහස පසුව වෙනස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ, මේ හේතුවට උරණ වූ තරුණයා විසින් තරුණිය පැහැරගෙන තිබෙන බවයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණියක් වන ඇතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES