බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.
ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද ඒ මහතා පවසයි.
එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.
මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයන වාර්තාව අද (10) උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම එන්නත්කරණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය නම් ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත ලබා ගන්නා ලෙසයි.