රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්තව යන මූලධර්මවාදී ආගමික කොටසක් වන බෝර්න් අගේන් ආගමික කොට්ඨාශය පිළිබදව සාකච්ඡා කිරීම සදහා සිංහලේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබෙනවා.
මෙහිදී සිංහලේ සංවිධානය කාදිනල් හිමියන්ට පෙන්වා දී ඇත්තේ නිහඩ අන්තවාදී ආක්රමණික කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන බෝර්න් අගේන් ආගමික කොට්ඨාශය සූක්ෂම අනතුරක් බවයි.
මෙම ආගමික කණ්ඩායමට මේ වන විට දේශපාලකයන්, ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සමාජයේ පිළිගත් පාර්ශවයන්ද හසුවෙමින් සිටින බැවින් එය කතෝලික සමාජයට වඩාත් හානිදායක වන බවද එහිදී සාකච්ඡාවී තිබෙනවා.
එහිදී කාදිනල් හිමිපාණන් සදහන් කර ඇත්තේ මීට එරෙහිව මහනායක හිමිවරුන්ද පෙරටුව සිදුකරන ඕනෑම කටයුත්තකට කොන්දේසි විරහිතව සහය පලකරන බවයි.
එමෙන්ම මේ සදහා නව නීති ගෙන ආ යුතු බවත් අන්‍යාගමීකරණ පනත නැවත සළකා බැලීමටත් එහිදී උන්වහන්සේ එකඟතාවය පලකර තිබෙනවා.

වික්ටර් රත්නායක මහතා හට නැතිවී තිබූ කටහඩ යළිත් ලබාදීමේ සිදුවීමකට අදාල විඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙම බොර්න් අගේන් ක්‍රියාකාරීත්වය පිළිබදව වැඩි කතාබහකට ලක්වුණා.
එමෙන්ම ජනප්‍රිය ගායිකා නෙලූ අධිකාරී හා ඇයගේ සැමියා වන කපිල පූගලආරච්චිද මේ වන විට බෝර්න් අගේන් දහම වැළඳගෙන එය ප්‍රචාරය කරමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
මේ අතර තවත් පුද්ගලයෙකු සපත්තු අල්ලන්නට දී කාන්තාවන් ආරූඪ කරවා ගී ගයමින් යක්ෂයින් දමනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.