හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහි නඩුවක් අප්‍රේල් මස 24 දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය පසුගියදා (30) නියෝග කළා.
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය දරන කාල සීමාවේ බීමතින් අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී රැදවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දමන බව පවසමින් තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළව මෙම නඩුව ගොනු කර තිබුණා.
මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
මෙම නඩුව මෙදින විභාගයට ගැනීමට නියමිතව තිබුණද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හදිසියේ නිවාඩු ලබා ගොස් බැවින් නඩුව අප්‍රේල් මස 24 දා යළි විභාගයට ගැනීමට වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කෙර තිබුණා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව බන්ධනනාගර දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මීන් පෙර කර තිබූ නියෝගයකට අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව පැමිණිල්ලේ එකේ සිට 12 දක්වා සාක්ෂිකරුවන් ලබාදී ඇති ප්‍රකාශවල පිටපත් විත්ති පාර්ශ්වයේ නීතිඥයන්ට ලබාදෙන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කොළඔ අපරාධ කොට්ඨාසයට නියෝග කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු වන එවකට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියෙකු වන ‘පූබාර සිංහන් සූරිය පාලන්’ යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය වැද්දීමක් සිදුකර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වැනි වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බවද කොළඔ අපරාධ කොට්ඨාසය තවදුරටත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි දෙවන පෙළ ජේලර් කුඔුරේගෙදර ජයතිලක, පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ආර්. එම්. පී. ජී. එස්. ඩී. බී. රත්නායක කොළඔ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රණසිංහ යන මහත්වරුන් සහ බන්ධනාගර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් කොළඔ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඇන්තලම් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ඒ. එච්. එල්. සුමනසිරි මහතා සමඟ රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පෙනී සිට තිබුණා.
විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ නුවන් ඩී අල්විස් සහ නිශ්සංක පීරීස් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥයින් වන කේසවන් සජන්දන් සහ බෙනස්ලන් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියා.