30 C
Colombo
Friday, July 19, 2024

නිවිතගල දැරියගේ මරණයට හේතුව ගසක අත්තක්

- Advertisement -

නිවිතගල පොලස් වසමේ වටාපොත යෞවුන් ගම්මානයේ අඩි පාරක පසුගිය සදුඳා (08) තුවාල සහිතව මියගොස් සිටි වයස අවුරුදු 16ක් වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මෙම මරණය මොට ආයුධයකින් හිසට සිදුවූ බරපතල තුවාලයක් නිසා සිදුවක් බවට අනාවරණය වී තිබෙනවා.

දැරිය අඩි පාරේ ගමන්කරමින් සිටියදී මාර්ගය ආසන්නයේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් කපමින් සිටි රබර් ගසක අත්තක් තවත් රබර් ගසක අත්තක වැදී ,එම අත්ත දැරියගේ හිසට කඩා වැටිමෙන් මෙම මරණය සිදුව තිබෙන බව විමර්ශන සිදුකල නිලධාරීන් සඳහන් කරනවා.

මෙසේ අනතුරක් සිදුවන අයුරින් අපරික්ෂාකාරිව හා නොසැලකිලිමත්ව ක්‍රියාකිරීම හේතුවෙන් ගස කැපූ සැකකරුවන් දෙදෙනා නිවිතිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 41 සහ 43 වන වියෙහි පසුවන වටාපොත – නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.


RECENT ARTICLES - SINHALA

කතරගම – මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන්...

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...