31 C
Colombo
Friday, January 17, 2025

කසකස්ථාන ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

- Advertisement -

කසක්ස්ථානයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ 29 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

කුරුළු රංචුවක් ගුවන් යානයේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සැක පළ කර තිබෙනවා.

ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවීමත් සමග අනතුර පිළිබඳ කඩිනම් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

එලෙස අනතුරට ලක්වුණේ, අසර්බයිජානයේ බකූ අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි දක්වා පියාසර කරමින් තිබූ යානයක්.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සිට තිබුණා.

ඒ අතරට අසර්බයිජාන ජාතිකයින් 37ක්, රුසියානු ජාතිකයින් 15ක්, කසක්ස්තාන් ජාතිකයින් 7ක්, කිරිගිස්තාන් ජාතිකයින් 3 දෙනෙකු සහ ජර්මන් ජාතිකයෙකු ඇතුළත්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එය කැස්පියන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී අනතුරු ඇඟවීමේ සංඥා නාද වී ඇති බවයි.

අනතුරුව රුසියාවේ ග්‍රොස්නි ගුවන් තොටුපොළට හදිසි ගොඩබෑමක් සඳහා නියමුවන් අවසර ඉල්ලා සිටිය ද මීදුම හේතුවෙන් එය ගොඩබැස්වීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව මකච්කාලා හෝ ඇක්ටෝ ගුවන්තොටුපොළ බලා හරවා යාමේදී ගුවන් යානය කඩා වැටී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES