24 C
Colombo
Thursday, February 13, 2025

සටන්විරාමය ආරම්භයි

- Advertisement -

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා.

ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමත් සමගයි.

අද (19) සටන් විරාමය ආරම්භ වීමට නියමිතව පැවති නමුත් එය පැය 3ක් පමණ ප්‍රමාද වී තිබුණා.

ඒ, සටන්විරාම එකඟතාව යටතේ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමට ප්‍රමාද වු බැවින්.

ඒ අනුව, ඊශ්‍රායලය පවසා ඇත්තේ සටන්විරාමය ක්‍රියාත්මක නොකරන බවයි.

සටන්විරාම ගිවිසුම අනුව සිරකරුවන් හුවමාරුවට පැය 24කට පෙර හමාස් සංවිධානය එම ලැයිස්තුව නිකුත් කිරීමට නියමිතව පැවතියා.

කෙසේ වුවද හමාස් සංවිධානය පවසා ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ප්‍රමාද වු බවයි.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES