27.8 C
Colombo
Thursday, April 25, 2024

මහ බැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිත් ඉවත් කිරීමට සුදානමක් – කීර්ති තෙන්නකෝන්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතාව විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වන බව දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙක් වනවා.

කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට එළිදක්වා ඇති මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් ඇතුළු ETI ජනාධිපති කොමිෂන් වාර්තාව,  හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැගවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින් කටයුතු කරමින් සිටින බවයි.

මීට පෙර බැදුම්කර වංචා සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන නිලධාරිනිය වූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...