26.7 C
Colombo
Monday, July 21, 2025

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච් සිදුකළ නවතම අනාවරණයකින් පෙන්වා දෙනවා.

සංචිත ප්‍රමාණය වාර්තා කිරීම් අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව සිදුකෙරුණේ නම් එම අගය ඩොලර් බිලියන 4.9 ක් විය යුතුව තිබූ බව වෙරිටේ රිසර්ච් පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලැබුණු රෙන්මින්බී බිලියන 10ක මුදල් හුවමාරුවක් එනම් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 14ක් සංචිතවලට එකතු කර වාර්තා පළ කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් මුදල් හුවමාරුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට නොහැකි බවත් ඔවුන් සඳහන් කළා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ අත්පොතේ 6 වන සංස්කරණයෙන් සංචිත වත්කම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ප්‍රමිතිය හඳුන්වා දී තිබෙනවා.

ඊට අනුව සංචිත වත්කමක් ද්‍රවශීල නොහොත් වඩාත් ම කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකි විය යුතුයි.

මෙම ප්‍රමිතිය තෘප්ත කිරීමට චීන මහජන බැංකුවෙන් ලැබුණු මුදල් හුවමාරුව අසමත් බවත් එම මුදල් හුවමාරුව භාවිතයට ගැනීම අරභයා කොන්දේසි පනවා තිබීම එයට හේතුව බවත් සඳහන්

ශ්‍රී ලංකාවේ නිල සංචිතවල ප්‍රමාණය මහ බැංකුවේ වාර්තාවලින් සත්‍ය අගයට වඩා වැඩි කර පෙන්වීමක් සිදුවන බවත් 2025 මැයි මාසයේ රටේ නිල සංචිත ප්‍රමාණය එම වාර්තාවලින් පෙන්වා දුන්නේ ඩොලර් බිලියන 6.3ක් ලෙස බවට යැයිද වෙරිටේ පෙන්වා දෙනවා.

එහෙත් මෙම සංචිත ප්‍රමාණය වාර්තා කිරීම් අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව සිදුකෙරුණේ නම් එය අගය ඩොලර් බිලියන 4.9 ක් විය යුතුව තිබූ බවද වෙරිටේ කියයි.

කෙසේ වෙතත්, මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ඉක්මවා ගොස් ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ද පසුගිය අප්‍රේල් 30 වන දා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

එළැඹෙන වසරේදී එම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසුවා.

‘ශ්‍රී ලංකාව විදේශ සංචිත ගැන වාර්තා කරන ආකාරය ගැන වෙරිටේ රිසර්ච් ආයතනයට අනුබද්ධ ‘ෆැක්ට් චෙක්’ FactCheck.lk දකින ගැටලු’ යන මෙම පැහැදිලි කිරීමට අනුව මෙම තොරතුරු අනාවරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES