23 C
Colombo
Friday, February 14, 2025

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙලා

- Advertisement -

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.බී.එම් රණතුංග මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ කාර්යාලය තහවුරු කරන්නේ, ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බවයි.

ඔහු ඔක්තෝබර් මස 10 වනදා එම ධුරය සඳහා පත් වුණා.

ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබෙනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

කෙසේවෙතත් රාජ්‍ය ආයතනයක වත්මන් රජය විසින් පත් කරන ලද සභාපතිවරුන් දෙදෙනෙකු ඉල්ලා අස් වී ඇති අතර, එය කෙටි කාලයක් ඇතුළත වත්මන් රජය පත් කළ සභාපතිවරයෙකු සිය ධූරය හැර ගිය තෙවන අවස්ථාව මෙය වනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

එම්.බී.එම් රණතුංග මහතා නිකුත් කළ ලිපිය පහතින්,

” ආදරනීය මිතුරනි මිතුරියනි ඹබෙන් සමුගෙන නික්ම යාමට කාලය පැමිණ අරති බව මට පසක් වූ බැවින් සමුගනිමි.මාස තුනහමාරක් වැනි ජා. නි. ස.අ. තුල මා සේවය කරන ලද කාලය තුල මාසමග එකට සිටිමින් නිවාස අවශ්‍යතාවය ඇති පවුල්. හදුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය නිවාසකරණය සදහා දරන උග්සාහයට උපකාර කිරීමට ඉදිරිපත්වීම පළිබදව මාගේ ගෞරවය පළමුව පුදකරමි.

නිවසක් යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බව අපි සියළුදෙනා දනිමු. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇත. මිහිමත බිම් අගලක් හා හිසට සෙවනක් නැති පවුල් ද සිටින බව ද අපි දනිමු. මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් තුල ඔවුන් නියෝජනය වූවා දැයි මා තුල පවතින්නේ සැකයකි. මාගේ පළමු අරමුණ වූයේ එය බව ඔබ ද දනී. මා හෙට දින ඔබ සමග නැති උවද එම අරමුණෙන්. බැහැර නොයන්න. අපි සැළසුම් කළ පරිදි එම අරමුණ හඹා යන්න. ඒ සදහා හදුනා ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය ලැබේවායි මම පතමි.

ඉහල හා මධ්‍යම පංතිය සදහා නිවාස සැපයීමට ඇතිතරම් රාජ්‍ය හා පුද්ගලික ආයතන තිබුනත් ඒ සදහා ඇති එකම රාජ්‍ය ආයතනය nhd එක බව තරයේ හිතට ගන්න.රාජ්‍ය ෙස්වකයකු වීම ඔබ පෙර ආත්මයක සිදුකරන ලද මහා පුණ්‍යකර්මයක ධනාත්මක ප්‍රථිපලයක් බව සිතට ගන්න. නැති කම හා බැරි කම නිසා තැලෙන හා පීඩාවට පත්ව වරප්‍රසාද අහිමි වීගිය ජනතාව ගැන මතුපිටින් නොව ගැඹුරින් සිතන්න. ඹවුන්ට සේවය කිරීමට ඔබට ලැබුණු වරම භාවිත කරන්න. පින්කරනවා යනු එයයි. ඔබ සහ ඔබේ දරුපවුල ජීවත් කරවන්නේ මහජනතාව බව ලේ නහරවලට කාවද්දන්න. ඔවුන් බදු නොගෙවන්නේනම් ඔබට වැටුප් නොලැබෙනා බව සිතට ගන්න.

ඔබ මුණගැසී ්‍රඔබෙන් සේවාවක් ලබාගැවීමට යමෙකු එන්නේ නෑවිත් බැරිකම නිසාය. ඔහු හෝ ඇය එන්නේ බොහා් දුරුකතර ගෙවාගෙනය. පසුගිය සතියේ මා හමු වීමට එක්තරා වයෝවෘද ආබාධ සහිත කාන්තාවක් ගිනිගත්හේනේ සිට පැමිණියේ ඇයට පසුගිය අවුරුද්දට ඇයට දානපතියකුගෙනි ලැබුණු ගවුමක් විකුණාගෙනය. ඇයට නිවසක් නෙමැති බවත් නිවසක් ලබාදෙන ලෙසත් ඉල්ලාගෙනය. ඇයට මාගේ කාර්යාලයේ කාර්මණ්ඩලය ප්‍රතිචාර දැක්වූ ආකාරය මම නිර්‍රීක්ෂණය කළෙමි. එය අතිශය ප්‍රසංශනීයය. ඇය මා සමග ඒබව කීවේ සතුටු කසුළු වගුරුවමිනි. ඇය එසේ කියන්නට ඇත්තේ වෙවමෙවැනි යහපත් ප්‍රතිචාරයක් අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ඇයට ලැබුණු ප්‍රතිචාර සැසදීමෙන් විය හැකිය අපි ඇය හරවා යැවුවේ ආපසු යාමට මුදල් දී . අදාල ප්‍රා. ලේ සමග කථාකොට ඇයට ඉ්‍රඩම් කැබැල්ලක් ෙසායා දී අපට දන්වන ෙලස ඇගේ අරමුණේ සැළකියයුතු කොටසක් ඉටුකරමින් ඇය සතුටු කරමිනි. ෙමය එක උදාහරනයක් පමනි.

මෙය සැම විටම ආයතනය තුල සිදුවනවා දැයි මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඹබ මුණගැසී නැවත මාවෙත පැමිණ බොහෝ පිරිසක් කළ කී කථාවන් පදනම්කරගෙනය. ඔබට පින් කරගැනීමට ලබා දුන් අගනා අවස්ථාව පැහැර නොහරින්න.

මා ආයතනය තුල සේවය කළ කෙටි කාලය තුල ලැබු අද්දැකීම් පදනම් කරගෙන NHDA එක ගැන මගේ ආඛ්‍යානය මෙසේ සටහන් කරමි.මෙය තුල සත්පුරුෂ ගුණ දම් ඇති අතලොස්සක් සිටින බවත් නිවාස නැති අය සදහා නිවාස සැපයීම පරම යුතුකම බවත් ඔවුන් අවබෝධෙයන් කටයුතුකරන බව පළමුව පවසමි.

යුතුකම පසෙකලා අයිතිවාසිකම් හා වරප්‍රසාද පමණක් ගැනම වෙහෙසන්නන් අති බහුතරයක් සිටින බව පැවසීම නිසා හිත් තැවුල් ඇතිකර නොගන්න.විවිධ හේකූන් පදනම් කරගනිමින් දේසපාලන මතවාද, තනතුරැ, සේවා ඛාණ්ඩ වැනි හේතුන් පළමු තන්හි ලා සමාජ මෙහෙවර අමතක වූ උදවිය අතිබහුතරයක් සිටින තැනකි.

ඉතා අවංක නිළධෙරින් නිළධරිනයන් ද, ඔස්කාර් සම්මාන දිනාගත හැකි තරමේ කුශලතා පිරි නළුවන් හා නිළියන්ගෙන් ද අඩුවක් නොමැති බවද මාගේ කියවීමයි.

සාවුන් මුවපොව්වන් මෙන්ම විෂඝෝර සර්පයින් ද, සිංහයන් හා ෙකාටින් වැනි සැරපරුෂ සතුන් ද කටුස්සන් බොහොමයක් ඇති අදුරු වනයකි ජ.නි.ස.අ. ය. මෙම අදුර පලවාහැරිය හැක්කේ ඔබට පමණක් පව සිතට ගන්න”


RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...