32 C
Colombo
Friday, March 29, 2024

සභාපතිට තනතුර දුන්නේ බිල්ඩිමක් දුන්න නිසා..! – ඇමති කියයි

- Advertisement -

අවශ්‍ය නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාව ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි බවත් සභාවේ ව්‍යුහය ද වෙනස් විය යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

ඒ, ඊයේ (03) දින රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

සභාපතිවරයාට එම තනතුර ලබාදුන්නේ දේශපාලන මැදිහත්වීමක් මත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“කිසිම පරක්කුවක් නෑ, එතුමා බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙයි. එතුමා වගකීමක් තිබෙන නිලධාරියෙක් විදියට ප්‍රමිතිය පිළිබඳ තිබෙන අභියෝගයන් තමයි ඇත්තටම කළ යුතුව තිබෙන්නේ. නියාමනය කිරීම සඳහා නැතිනම් ප්‍රසම්පාදනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් හදලා දෙන එක.”

ප්‍රශ්නය –

“තනතුරෙන් නෙරපා හරින්න බැහැ නේ ද?”

අමාත්‍යවරයා –

“ඒක කරන්න වුනත් අපිට පාර්ලිමේන්තුව ඇතුලේ බලේ තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම නියාමන කටයුතුත්ත පැත්තක තියලා මාධ්‍ය හසුරවන වැඩක් කරලා තියෙන්නේ. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා කරන බරපතලම වරැද්දක් තමයි මෙවැනි තනතුරු සඳහා දේශපාලන වශයෙන් උදව් කරපු නිසා, එතුමාම කිව්වනේ අර බිල්ඩින් එකක් දුන්නා කියලා. බිල්ඩින් එක දුන්න නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරපු එක වැරැද්දක්. පොදුවේ කියන්නේ මහජන උපයෝගිතා කොමිසන් සභාවේම ව්‍යුහය වෙනස් වෙන්න ඕනේ.”


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...