27.8 C
Colombo
Monday, June 16, 2025

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

- Advertisement -

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ පසුගිය 9 දා රාත්‍රී 11.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය භාගයක් පමණ කාලයක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු නිවසට කඩා වැදී ඇවිද යන ආකාරත්, ඔවුන් වෛද්‍ය සේමගේ මහතා නිදා සිටි නිදන කාමරයට එබී බලන ආකාරයත් ඔහුගේ නිවසේ සීසීටීවී පද්ධතියේ සටහන් වී ඇති ආකාරය නිරීක්ෂණයත් සමග මෙම තැතිගැන්ම ඇති වී තිබුණු බවයි.

මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සේමගේ 2024 ජනවාරි මාසයේදී එම තනතුරට පත් කරනු ලැබුවා.

ඔහු ඊට පෙර 2021 නොවැම්බර් සිට 2022 මැයි දක්වා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළ ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඉල්ලා අස් වූවා.

ඖෂධ නියාමනය යාන්ත්‍රණය නිවැරදි කිරීමටත්, අක්‍රමිකතා වැලැක්වීමටත් කටයුතු කිරීමත් සමග වෛද්‍ය සේමගේට තනතුරින් අස්වීමට බල කෙරී තිබුණා.

නැවත ඔහුව එම තනතුරේ පිහිටුවන්නේ කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන වෛද්‍ය රමේෂ් පතිරණයි.

කෙසේ වෙතත් ඖෂධ කර්මාන්තකරුවන්ගේ දැඩි විරෝධයකට ලක් වීමට වෛද්‍ය සේමගේ මහතා සිදුවුණා.

ඒ ඖෂධ කර්මාන්තය තුළ පැවති ඒකාධිකාරිය බිඳ දැමීම මෙන්ම සාමාන්‍යයෙන් තරඟකරුවන් අතර මිල නියම කිරීම, වෙළඳපල වෙන් කිරීම හෝ වෙනත් තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා ගිවිසුම්වලට අනුබල දීම ඔහු විසින් වළක්වා තිබෙනවා.

ඔහු දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත චරිතයක් බවට හංවඩු ගසමින් මේ මාෆියාකරුවන්ගේ බලවත් සමාජ මාධ්‍ය ප්‍රහාරයකට ද මේ අතර වෛද්‍ය සේමගේ මහතා ලක් වූවා.

මහජන අරමුදල් ඉතිරි කර ගැනීම සඳහා මිල නියම කිරීමේදී සහ ඒකාධිකාරයන් සහ සැපයුම්කරුවන් විසින් එකිනෙකා දැනුම්වත්ව ඔවුන්ගේ ලාභයන් උදෙසා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බිඳ දැමීමට තමන් කටයුතු කළ බවත් ඒ ප්‍රයත්නයන්හි ප්‍රතිපල ලෙස පසුගිය සති දෙක තුන තුළ ඖෂධ නියාමන අධිකාරිය තුලත්,  ඖෂධ කර්මාන්තය තුළත් විශාල ආතතියක් ඇති වූ බව ආචාර්ය සේමගේ මහතා සන්ඩේ ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

“මම හිතන්නේ මගේ නිවසට කඩාවැදීම මාව ඉවත් කිරීමේ උත්සාහයක තර්ජනයක් කියලා.” ලෙස පවසා තිබුණා.

වෛද්‍ය සේමගේ මහතා මැදිහත් වීමෙන් පසුගිය මාස 15 තුළ, ඖෂධ නියාමන අධිකාරිය තුළ ගොඩගැසී තිබුණ ඇති ව්‍යාජ ලියාපදිංචි කිරීම් ඉවත් කර ඖෂධ සඳහා නැවත ලියාපදිංචි කිරීම් විධිමත් කිරිමට කටයුතු කළා.

ඖෂධ ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ ව්‍යාජ ලියකියවිලි සොයා ගැනීමට ද මේ ක්‍රියාවලියේ දී ඔහුට හැකි වි තිබෙනවා.

වර්ෂ 2021 දී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සමුදාය අභිරහස් ලෙස මකා දැමූ විට හදිසියේම අවසන් වූ ඩිජිටල්කරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් වෛද්‍ය සේමගේ මහතා කටයුතු කර තිබුණා.

ඔහුගේ ධුර කාලය තුළ, අධිකාරිය එහි කාර්ය මණ්ඩලය දෙගුණ කළ අතර, නව ඖෂධවේදීන් 30 දෙනෙකු ඇතුළු තවත් අය බඳවා ගත්තා.

ජාතික උපදේශක කමිටුව සහ අභියාචනා කමිටුවද ක්‍රියාත්මක කරන ලද අතර, මාර්ගෝපදේශ සමඟ මිලකරණ යාන්ත්‍රණයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...