30.5 C
Colombo
Tuesday, April 23, 2024

දේපළ වෙළෙඳාම කඩා වැටීමෙන් චීන ආර්ථිකය අර්බුදයක

- Advertisement -

2022 අගෝස්තු මාසයේ සිට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මිල සහ ආයෝජන පහත වැටෙමින් පවතින බැවින් එහි සෘණාත්මක බලපෑමෙන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා.
එම බලපෑම කොතෙක් ද යත් මේ වසරේ දෙවන කාර්තුවේදී චීනයේ ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවූයේ යන්තමිනි.
සංවර්ධකයින්ගේ අතිරික්ත ණය කපා හැරීමට නියාමකයින් මැදිහත් වීමෙන් පසු 2020 සිට දේපල වෙළෙඳ අංශය අර්බුදයෙන් අර්බුදයට ඇද වැටී තිබෙනවා.

2020 අප්‍රේල් මාසයේ සිට චීනයේ ආර්ථිකය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති අතර ප්‍රධාන නගරවල COVID ආශ්‍රිත අගුලු දැමීම් සහ දේපළ වෙළඳාම් අංශයේ පසුබෑම් ඇතුළු සාධක හේතුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙවන කාර්තුවේදී 0.4% කින් පමණක් ප්‍රසාරණය වී තිබුණා.
උකස් නොගෙවා සිටීම සහ සංවර්ධකයින්ගේ මූල්‍ය තත්ත්වය කෙරෙහි විශ්වාසය තව දුරටත් පලුදු කිරීම නිසා, නිවාස මිල, විකුණුම් සහ ආයෝජන සියල්ල පහත වැටීම පෙන්නුම් කරන නිල දත්ත සමඟ චීනයේ දේපල වෙලඳපොලේ සංකූලතා අගෝස්තු මාසයේදී නරක අතට හැරුණා.

නිවාස ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට සංවර්ධකයින් අරගල කරන බැවින් ලක්ෂ සංඛ්‍යාත නිවාස ගැනුම්කරුවන් පෙර-විකිණූ දේපල සඳහා උකස් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS) දත්ත මත පදනම්ව රොයිටර්ස් විසින් ගණනය කිරීම් වලට අනුව, නව නිවාස මිල ගණන් පෙර මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 0.3% කින් පහත වැටී තිබෙනවා.
කුඩා නගරවල හීන වන ඉල්ලුම සහ දැඩි ලෙස ණයගැති සංවර්ධකයින්ගේ මන්දගාමී වැඩ අවසන් කිරීම් නිසා තත්ත්වය පත්ව ඇත්තේ වඩාත් නරක අතටයි.

පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මිල පහළ යෑම සියයට 1.3ක් ලෙස ගණනය කර ඇති අතර එය වසර 7කට පසු වාර්තා වූ දරුණුතම පහළ යෑමයි.
එමෙන්ම දේපළ වෙලෙඳාම් ක්ෂේත්‍රයේ අඛණ්ඩව සිව්වැනි මාසයේත් වාර්තා වූ හැකිලීම පෙන්වා දෙන්නේ දිගු කාලීන නිවාස ගැනුම්කරුවන්ගේ අකමැත්තයි.
දේපල ඒජන්සියේ ප්‍රධාන විශ්ලේෂකයෙකු වන Zhang Dawei රොයිටර් වෙත පවසා ඇත්තේ දේපළ වෙළඳාම් අංශය මෙම පසුබෑමට හේතුව සොයා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.

අර්බුදකාරී තත්වයේ බලපෑම ලිහිල් කිරීම සඳහා, චීන බලධාරීන් නිවාස මිලදී ගැනීම් ලිහිල් කිරීම, කුඩා මූලික ගෙවීම්, උකස් පොලී අනුපාත අඩු කිරීම සහ නිවාසවල විකුණුම් මිල විශාල වශයෙන් අඩු කිරීම ඇතුළු තීරණ ගණනාවක් ගෙන තිබෙනවා.
බීජිං සහ ෂැංහයි වැනි පළමු පෙළ නගරවල සහ දෙවන පෙළ නගරවල වෙළඳපල ස්ථාවර කිරීමට සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය යථා තත්වයට පත් කිරීමට චීන බලධාරීන් මීට වඩා වැඩි පියවරක් ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ෂැං පැවසීය.

සීමිත ද්‍රවශීලතාවය සහ දැඩි COVID සීමා කිරීම් හේතුවෙන් සංවර්ධකයින් පෙර විකුණන ලද නිවාස ව්‍යාපෘති තැනීම නැවැත්වීම නිසා ජුනි මස අග සිට රට පුරා ආරම්භ වූ උකස් වර්ජනයක් හේතුවෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය හීන වී ඇත.
චීනයේ තවමත් දැඩි COVID-19 සීමා කිරීම් මෙන්ම රට තුළ නිතර නිතර අගුලු දැමීම් සිදු වනවා.
මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති විය හැකි පුලුල් අවදානම පිලිබඳ භීතිය ඉහල නංවමින්, රට පුරා බොහෝ නගරවල ජූලි මාසයේ උකස් වර්ජනයන් වේගයෙන් ව්‍යාප්ත වීම ආර්ථිකයේ අහිතකර සලකුණක් වුණා.

NBS දත්ත මත පදනම්ව රොයිටර් ගණනය කිරීම් වලට අනුව, බිම් ප්‍රමාණය අනුව දේපල විකුණුම් වසරින් වසර 22.58% කින් පහත වැටී ඇත්තේ පිට පිට හයවන මාසය තුළ ඉලක්කම් දෙකකින් පහත වැටෙමිනි. ජනවාරි-අගෝස්තු කාලය තුළ විකුණුම් වසරින් වසර 23.0% කින් පහත වැටී තිබෙනවා.
මෙම දත්ත නිකුත් කිරීමෙන් පසුව, ප්‍රධාන කොටස් වෙළඳපොලේ CSI නිශ්චල දේපල දර්ශකය 1.73% කින් පහත වැටුණු අතර Hong Seng Mainland Properties දර්ශකය 0.73% පහත වැටුණා.
චීනය පුරා නිම නොකළ ව්‍යාපෘති වැඩි වැඩියෙන් දිගු කාලීන ඇදගෙන යාමත් සමඟ මිල පහත වැටීම් අගෝස්තු මාසයේදී තවත් නගරවලට ව්‍යාප්ත විය.
NBS විසින් සමීක්ෂණය කරන ලද නගර 70 න් නගර 50 කම දේපල මිල ගණන් අගෝස්තු මාසයේ දී පහළ ගොස් තිබූ අතර ජුලි මාසයේදී මිල පහළ ගොස් තිබුණේ නගර 40ක පමණයි.

නිල දත්ත පෙන්වා දෙන පරිදි, නිවාස මිල ගණන් පිළිවෙලින් 0.2% සහ 0.4% කින් පහත වැටී ඇත.
මේ අතර, ING සමූහයේ කලාපීය පර්යේෂණ ප්‍රධානී Robert Carnell පැවසුවේ, “සංවර්ධකයින් සඳහා පළාත් පාලන සහාය ඇතිව නිම නොකළ දේපල ඉදිකිරීම් ව්‍යාපෘති සංචිතය සම්පූර්ණ කිරීමට යම් කාලයක් ගතවනු ඇති අතර, අනෙක් අතට, චීන කුටුම්භයන් විසින් දේපල ආයෝජනය කිරීම සලකා බැලීමට කාලය ගතවනු ඇති” බවයි.
ජූලි මාසයේදී 12.3% පහත වැටීමෙන් පසු අගෝස්තු මාසයේදී ආයෝජනය පෙර වසරට සාපේක්ෂව 13.8% කින් පහත වැටී ඇත. එය ජනවාරි-අගෝස්තු කාලය තුළ 7.4% අඩු වීමක්.
මේ අතර, දේපළ වෙළඳාම් අංශයෙන් ණය ඉල්ලුම පිරිහීම හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුළ අරමුදල් සහ ද්‍රවශීලතාවය අක්‍රිය වීමේ අවදානම වැඩි වෙමින් තිබෙනවා.

රාජ්‍ය බැංකු හතරේ සහ ජාතික විශාල බැංකු වල කෙටි කාලීන බිල්පත් මූල්‍යකරණය 2022 ජූලි මාසයේදී වසරින් වසර 148.0% සහ 102.7% කින් ඉහළ ගිය අතර, මෙම බැංකුවලින් කෙටි කාලීන සහ දිගු කාලීන ණයවල වර්ධන වේගය අඩු විය. එම මාසයේම, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු සඳහා ණය වර්ධනය ද සැලකිය යුතු ලෙස මෘදු වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විසින් ණය ඉල්ලුම තවදුරටත් දුර්වල වී ඇති බව පෙන්නුම් කරන පසුබිමකයි.

මේ අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් අනුව, ගැටළු දිගටම පැවතුනහොත් චීනයේ දේපළ වෙළඳාම් ගැටළු අනෙකුත් ප්‍රධාන අංශ වෙත පැතිර යා හැකි බව පැවසුවා.

“කාලෝචිත හා ඵලදායී ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් සිදු නොවන්නේ නම්, දේපල වෙලඳපොලේ දුක්ඛිත තත්ත්වය දිගු වන අතර දේපල අංශය හා සම්බන්ධ තවත් අංශ කෙරෙහිද විවිධ බලපෑම් ඇති කරනු ඇති” යනුවෙන් ෆිච් විශ්ලේෂකයෝ සඳුදා නිකුත් කළ වාර්තාවක සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රන් භාණ්ඩ සොරකමට මුල්‍ය ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ඊයේ (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර...

මාලිමා අපේක්ෂකයෙක් විහාරස්ථානයකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දීලා

පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින් බස් වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා...

යාපනය සංවර්ධනයට රජයෙන් මිලියන 322ක්

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පවසනවා. වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඊට...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...