වරායේ තිබූ බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබූ පසුබිමකයි.
රේගු නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාදයත් සමග පසුගිය කාලය පුරාම රේගුවේ දැඩි තදබදයක් පැවැතුණා.
බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාදයට විසඳුම් ලෙස රේගුව පසුගිය 30 වැනිදා සිට දින හතරක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
එවන් පසුබිමක වරායේ තිබූ බහාලුම් 323 ක් මුදාහැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහක් මතුවුණා.
පසුව අදාළ බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක්ද සිදු කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ මුදාහරින ලද බහාලුම්වල කිසිදු නීතිවිරෝධී භාණ්ඩ නොතිබූ බවටයි.
කෙසේවෙතත්, රේගු නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් මෙන්ම, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.