අග්‍රහාර රක්ෂණය සඳහා විශ්‍රාම වැටුපෙන් අය කරන මුදල් වැඩි කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම, තාවකාලිකව අත්හිටුවීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළව නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙනවා.
එහි සදහන් වන්නේ දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් 2021.10.29 වන දින නිකුත් කරන ලද 12/2005 (VIII) චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවයි.