පසුගියදා තුරඟ තරඟ පිටියේ දී ඝාතනය වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියගේ අවසන් කටයුතු හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (19) දිනයේ දී සිදුකළා.
ඒ පවුලේ හිතවතුන් සහ විශ්ව විද්‍යාලයේ සහෝදර සිසු සිසුවියන්ගේ සෝ සුසුම් මැද්දේ.
පසුගිය 17 වනදා කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය සිය පෙම්වතාගේ අතින් අමානුෂිකව ඝාතනය වුණා.
ඝාතනය සිදුකළ පෙම්වතා පසුගිය 18 වනදා නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ නියෝග කෙරුණේ සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කළා.
ඊට අමතරව මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කරනු ලැබුවා.

