27.5 C
Colombo
Wednesday, October 4, 2023

දේශපාලන පළිගැනීම් විමර්ශනයට පත්කළ කොමිසමත් පළිගැනීමක්

- Advertisement -

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සදාචාරවිරෝධී බවත්, එපමණක් නොව එම කොමිසම පත් කිරීමම නීතිවිරෝධී බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසනවා.

එම කොමිසමේ වර්තාව සම්බන්ධයෙන් පසුගියදා) පැවති සාකච්ඡාවකදී ජයසූරිය මහතා මේ බව සඳහන් කරන ලදි.

මෙම කොමිසමේ කටයුතු සහ අවසන් වාර්තාවේ නිර්දේශ හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල නී‍තිවේදීන් විසින් එය සමච්චලයට ලක්කර ඇති බවත් කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා.

යහපාලන රජය දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ, ජනාධිපතිවරයාගේ, කැබිනට් මණ්ඩලයේ සහ සමස්ත රජයේම ඒකමතික තීරණය අනුව බවත්, විමර්ශන නිළධාරීන් පත් කිරීමේ සිට නඩු ගොනු කිරීම, අධිකරණ කටයුතු ඇතුළු සියල්ල නීත්‍යනුකූල හා විධිමත් ආකාරයෙන් සිදු වූ බවත් ජයසූරිය මහතා පෙන්වා දෙනවා. එසේ තිබියදී යහපාලන රජයේ ප්‍රධානීන්, ඇමතිවරුන් කිහිප දෙනෙකුට, විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සහ පොලිස් හා නීති නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කිරීම විකෘති පළිගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද්දක් බවට සිතන බවත් ඔහු පවසනවා.

මේ ආකාරයෙන් දේශපාලනඥයන්, නීති නිළධාරීන් දඩයම් කිරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තරය තුළ තවදුරටත් ශ්‍රී ලංකාව හුදෙකලා වීමේ අනතුරක් ඇති බවත් එසේ වුවහොත් ඉන් පීඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බවත් ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...