විදුලිබල මණ්ඩලයේ දූෂණය හා නාස්තිය අඩු කිරීමෙන් 30%ක විදුලි ගාස්තු අඩු කිරීමට ජාතික ජන බලවේගය ලබා දී ඇති පොරොන්දුව බොරුවක් බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු X ගිණුමෙහි සටහනක් පළ කරමින් මේ බව සඳහන් කළා.
එහිදී හර්ෂද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් විදුලිබල පනත ආපසු හරවා නොගතහොත් තරගකාරීත්වය මගින් පිරිවැය අඩු කරගත හැකි බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා:
“ඔව්, දූෂණය තිබුණා සහ තියෙනවා, නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තුයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වත්මන් පනත ආපසු හරවා නොගන්නේ නම් සහ බිල්පත් ගෙවීමට අසීරු අය අතට මුදල් ලබා දෙන්නේ නම් තරඟකාරීත්වය මඟින් පිරිවැය අඩු කළ හැකියි”