29.2 C
Colombo
Tuesday, May 13, 2025

මාලිමාව රට හදන්න පටන් ගන්නෙ මෙතනින්

- Advertisement -

රට හදන්න නම් පළමුව වංචාව,දුෂණය,හොරකම නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් එය ජාතික ජන බලවේගය විසින් හදුනා ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) ජා ඇල මහජන රැළිය අමතමින්.

හොරකම් වලට අදාළව දඬුවම් දිය හැකි තැනට නීතිය පැමිණි පසු එම හොරකම් වංචා,දුෂණ නතර කළ හැකි බව විජිත හේරත් මහතා තවදුරටත් පවසා සිටියා.

;;ලී ක්වාන් යූ බලයට පැමිණි ගමන් කළේ ජාතික සම්පත් කොල්ල කාපු අයට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දුන්නා. දීලා කූඩුව ඇතුළට දාලා තඩි ඉබ්බෙක් දාලා වැහුවා. එහෙම කළාට පස්සේ එකෙක් හොරකම් කරන්න ආවේ නැහැ. අන්න සිංගප්පූරුව ආර්ථික වශයෙන් වේගවත්ව ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් තිබෙනන්රටක් බවට පත්වුණා. අද අපි බංකොලොත් වෙලා තිබෙනවා. ඇයි? මේ හොරකම දුෂණය නිසා. ඒ නිසා රට හදන්න ඕන පළමු වෙනි තැන එතන. අපි ඒක හදුනාගෙන තිබෙනවා. ඒක කාගෙන්වත් පළිගන්න හරි වෛරයක් පිරිමහගන්න හරි පරණ ඇරියස් එකක් කවර කරන්න නෙවෙයි. එතනින් එහාට යම්කිසි හෝ හිතක් තියෙනව නම් හොරකම් කරන්න වංචාවක් කරන්න අන්න ඒක නතර කරන්න නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. හොරුන්ට අදාළව නීතිය දඬුවම් දෙන තත්ත්වයට එන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක නතර වෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි අම්මේ තාත්තේ අපි ඒක කරන්නේ. ඒකෙන් තමයි රට හදන්න පටන් ගන්නේ.”

RECENT ARTICLES - SINHALA

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

POPULAR ARTICLES

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...