26.1 C
Colombo
Monday, July 21, 2025

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.

කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද  මන්ත්‍රීවරයා සඳහන් කළා.

රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද  ඔහු සඳහන් කර සිටියා.

කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා,

“ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන රහස් ඡන්දවලට විරෝධය පළ කළා. මහජන නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ජනතාව දැනගත යුතුයි කියන එක ඔවුන්ගේ ස්ථාවරය වුණා. එහෙම කියන ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන තුළ රහස් ඡන්දයක් ඉල්ලා සිටියා.ඔවුන් දිගින් දිගටම විනිවිදභාවය, පාරදෘශ්‍ය භාවය ගැන කතා කළා. මිනිස්සු ඔවුන්ට ඡන්දය දුන්නෙත් ඒ නිසා. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බව පැවසූ ජාතික ජන බලවේගය බලය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පාවල දීල තියෙනවා. ඔවුන් බලය ලබා ගැනීමේදී රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් මෙතැනදී පෙනී යනවා.

කොළඹ පුරපති තෝරාපත් කර ගැනීමේදී  පළාත් පාලන කොමසාරිස්වරිය නීති විරෝධී ලෙස කටයුතු කළා. ඇය පළාත් පාල පාලන පනතට අනුව කටයුතු කළේ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය තනතුරේ බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගියා. ඇය මෙතැනදී ආණ්ඩුවේ වුවමනා ඉෂ්ට කළා කියලා බොහොම පැහැදිලියි. අපි ඇයගේ ක්‍රියාකලාපය ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කළා. අපි මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES