23 C
Colombo
Thursday, February 13, 2025

කොස්තාපල් බීමතින් පොලිස් ජීප් එක පදවලා

- Advertisement -

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ පොලිස් නිලධාරියෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 28 ක් වන හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත කොස්තාපල් නිලධාරියෙක්.

පසුගියදා (28) අලුයම් කාලයේදදී ගල්කිස්ස, රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා .

පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුවරයා එම අවස්ථාවේ මත්පැන් පානය කර රිය ධාවනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කාලේ ඒ අනුව මත්පැන් පානයකර රිය ධාවනය කිරීම හා අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි

සැකකාර නිලධාරියා ඊයේ (28) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා .

ඔහු විසින් සිදුකරන ලද විනය කඩකිරීම සම්බන්ධයෙන් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක්...

POPULAR ARTICLES