බිල නොගෙව්වයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ විදුලිය විසන්ධි කරලා

සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ විදුලිය විසන්ධි කර තිබෙනවා. ඒ එම අංශයේ විදුලිබිල දිගින් දිගටම ගෙවීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් කොන්සියුලර් අංශයේ සේවා ලබාගැනීමට පැමිණි පිරිස මේ වන විට නොසන්සුන්තාවයකට පත්ව තිබෙනවා. මේ වන විට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතායි.