27 C
Colombo
Wednesday, March 19, 2025

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

- Advertisement -

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රු. 230.00 ක්, සම්බා සහල් උපරිම සිල්ලර මිල රු. 240.00ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රු. 260.00ක් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශ කරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා සමහර වී මෝල් හිමියන් සහ තොග වෙළදුන් කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පවතින බව මෙම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව සහල් පාලන මිල ඉවත් කර තිබේද යන්න සම්බන්ධව සිල්ලර වෙළදුන් විසින් අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීම් සිදු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ කළ වැටලීම්වලදී සහල් වෙළෙඳුන් 1,555 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බවයි.

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් 462ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 1,004ක් සහ සහල් සඟවා තබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළෙඳුන් 89ක් ඒ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

කීරි සම්බා සහ සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES