රට වසා දැමීම ප්‍රමාණවත් අයුරින් සිදු වී නොමැති බවට චෝදනා එල්ලවන්නේ ඒ දෙස වපර ඇසින් බැලීම නිසා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
කර්මාන්තශාලා වසා දමා. මෙරට අපනයන ක්ෂේත්‍රය කඩා වැටුණු පසු මෙරටට පැමිණෙන විදේශ විනිමය අහිමි වන බවත් ඒ හරහා රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලදී ගැනීමට නොහැකි වන බවත් ඔහු පෙන්වා දෙනවා.
එසේ රට තුල අර්බුධ ගොඩ නැගුණු පසු ඒ හරහා විපක්ෂයට සටන් පාඨ ගොඩනගා ගත හැකි බවත් රට වසා දමන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම කරුණ නිසා බවත් අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම රට වසා තැබීම අපහසු කාර්‍යයක් බවත් මෙරට රාජ්‍ය සේවය මෙන්ම එදිනෙදා ජීවිකාව සපයා ගන්නා ජනතාව මේ හරහා දැඩිසේ පීඩාවට පත්වන බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරන ලෙසයි.
එමෙන්ම, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ දින පවසා සිටියේ කොවිඩ් යනු සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් පමණක් බවත් උණකින් පසුව එය මගහැරී යන බවත් ය.