31 C
Colombo
Friday, April 19, 2024

රටේ ගෝත්‍රික සමාජයක් ඇති වෙලා; සිල් ගන්න..! – නාමල්

- Advertisement -

සංගීත සංදර්ශනයක් පැයකට පෙර නතර කිරීම හේතුවෙන් කෝප වී පහර දෙන තරුණ පිරිසක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ පසුගිය15වැනිදා බලපිටිය රන්දොඹේ සංඝරාජ පුරාණ විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින්

කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දේශපාලනඥයන් විසින් ජනතාව පන්සලෙන් ඈත් කිරීම හේතුවෙන් රට තුල ගෝත්‍රික සමාජයක් නිර්මාණය වී සමාජය බිඳ වැටී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි ට ආණ්ඩුවක් විදියට ආර්ථික වශයෙන් අභියෝගයක් තිබෙනවා. ඒ වුණත් නිරන්තරයෙන් මෙම විහාරස්ථාන සංරක්ෂණය කිරීම කරනවා. කොවිඩ් රෝගය වෙලාවේ එන්නත්කරණය සමගම ජන ජීවිතය ගොඩ නගන්න කටයුතු කළා. කොවිඩ් නිසා වෙසක් පොසොන් වලදී සිල් සමාදන් වීමට බැරි වුණා.

තරුණයෝ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැති වුණා. පන්සලෙන් ඈත් වුණා. සමහර දේශපාලනඥයෝ පන්සලෙන් ඈත් කිරීමට කටයුතු කළා. පසුගිය කාලයේ අසන්න ලැබෙන පුවත් දැක්කම රට යන්නෙ කොහේ ද කියල පේනවා. සංගීත සංදර්ශනයක් පැයකට කලින් නතර කළා කියල තරුණ පිරිස පහර දෙනවා. ගෝත්‍රික සමාජයක් බවට පත්වෙලා.

සුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ.”

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...