28 C
Colombo
Thursday, January 16, 2025

මෙරට තේ නිෂ්පාදනය ඉහළට – අපනයනය පහතට

- Advertisement -

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය නොවැම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.3 දක්වා 5.45% කින් ඉහළ ගොස් ඇති නමුත්, තේ අපනයන 6.46%කින් එනම් කිලෝග්‍රෑම් මිලියන 20 දක්වා පහත වැටී ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

2024 නොවැම්බර් මාසය දක්වා මාස 11 තුළ කිලෝග්‍රෑම් මිලියන 223.23ක් අපනයනය කර ඇති අතර, එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව 0.9%කින් අඩු වී තිබෙනවා.

එමෙන්ම නොවැම්බර් දක්වා මාස 11 තුළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 240ක් වූ අත එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව 3.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් මාසයේදී අඩු වගා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 12.87ක් වූ අතර, එය පසුගිය වසරේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 11.7ක්

තවද, මධ්‍යම වගා තේ නිෂ්පාදනය මිලියන 4.29ක් වූ අතර, පසුගිය වසරේ නිෂ්පාදනය මිලියන 3.44ක්.

ඉහළ වගා තේ නිෂ්පාදනය මිලියන 5.12ක් වූ අතර, එය පසුගිය වසරේ මිලියන 4.63ක්.

ග්‍රීන් ටී නිෂ්පාදනය මිලියන 203,616 සිට මිලියන 193,155ක් දක්වා එය පහත වැටී තිබෙනවා.

එම වාර්තා සඳහන් කරන්නේ. CTC තේ නිෂ්පාදනය මිලියන 2.08ක් වූ අතර, එය මිලියන 1.7 දක්වා පහත වැටී ඇති බවටයි.

මේ අතර, නොවැම්බර් මාසයේදී තොග තේ මිලියන 8.29කින් පහත වැටුණු අතර, එය පසුගිය වසරේ මිලියන 8.9ක් අපනයනය කර තිබෙනවා.

පැකට් කළ තේ මිලියන 8.74 සිට මිලියන 9.14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද, ක්ෂණික තේ 297,460 සිට 146,223 දක්වා ද ග්‍රීන් ටී 444,548 සිට 347,835 දක්වා ද ඉහළ ගොස් ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...