රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචිකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් එම පාඩුව සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
මෙම නඩුවේ විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද? නැත්නම් විත්තිවාචිකය කැඳවනවාද යන නියෝගය ප්‍රකාශ කරමින් අමල් රණරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
ඉන් අනතුරුව විත්තිවාචිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියෝග කර තිබෙනවා.