32 C
Colombo
Sunday, June 4, 2023

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වෙලා – ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

- Advertisement -

තීන්දු තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිළි ක්‍රමවේදයක් හදුනාගෙන නොතිබීමත් හේතුවෙන් මේ වනවිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක්වී ඇති බවට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට යාමත්, විවිධ අයගේ අදහස්වලට එකඟවිමත් නිසා කොවිඩ් එන්නත්කරණ වැඩසහටන විසින් ඇතිකරන ගැටළු කෙටිකාලීනව මෙන්ම දිගු කාලීනව අහිතර බලපෑම් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම එන්නත් මුදලට විකිණීම, නුසුදුසු පුද්ගලයින් හට ලබාදීම හා ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6 කට ආසන්න පිරිසක් දෙවන මාත්‍රාව නොමැතිව අවිනිශ්චිතභාවයට පත්ව තිබීම හේතුවෙන් තව දුරටත් ගැටළු රැසක් පැනනැගෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ඊට අමතරව දේශපාලඥයින් විසින් සහ නොයෙක් මාධ්‍ය විසින් කරන ප්‍රකාශ නිසා මෙතෙක් කලක් සාර්ථකව සිදුකරගෙන පැමිණි ජාතික එන්නත්කරණ වැඩසටහන අපකීර්තියට පත්වීමට ඉඩ ඇති බවද අදාළ නිවේදනයෙන් ඔවුන් සදහන් කරනවා.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබදව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස තම සංගමය දැඩිව කණස්සල්ල පලකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.