පොහොට්ටුවේ ගායකයන් කිහිප දෙනෙක්ට කොවිඩ් එන්නත

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඊයේ (06) කොවිඩ් මර්දන එන්නත ලබාදෙන අවස්ථාවේදී මෙරට ගායකයින් කිහිප දෙනෙකුටද එම එන්නත ලබාදී තිබෙනවා. ඒ අනුව අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත යුද හමුදා රෝහලේදී එන්නත් කෙරුණා. මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියා.