32 C
Colombo
Friday, March 29, 2024

ශ්‍රී ලංකාවේ අර්බුදය එක් රැයකින් විසඳන්න බෑ..! – චීන තානාපති

- Advertisement -

ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය එක් රැයකින් විසඳා ගැනීමට නොහැකි බව මෙරට චීන තානාපති කී ෂෙන්හොං (H.E. Qi Zhenhong) පවසනවා.

ඒ, ඊයේ (28) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහනුවරට පැමිණි චීන තානාපතිවරයා ඊයේ (27) පස්වරුවේ අස්ගිරි මහා විහාර පාර්ශවයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දුටු අතර මල්වතු මහා විහාරයේදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

කෙසේ නමුත් මෙරට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා චීන රජයේ සහයෝගය අඛණ්ඩ හිමිවන බවයි ඔහු පවසන්නේ.

“චීන රජයේ සහයෝගිතා ආධාර ප්‍රදානයට අමතරව චීන බෞද්ධ සංගමය මගින් මෙරට විහාරස්ථාන හා බුදු දහමේ පුනර්ජීවනය උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබෙනවා .

ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවත් ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් සිදු වූයේ නැහැ. දෙරට අතර දී ද්විපාක්ෂික සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම චීන රජයේ අරමුණයි . පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි . එය සඳහා චීන රජයේ නොමද සහය පළ කරනවා” යැයි තානාපති වරයා වැඩිදුරටත් පවසනවා.

මහනුවර චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය ගොඩගම ධම්මකිත්ති හිමියන් ද මෙම අවස්ථාවට එක් විය.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...