දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් ශ්‍රවණාබාධිත තරුණියක් කිරුළ හිමිකරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම කිරුළ හිමිකරගත් පළමු ශ්‍රවණාබාධිත තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවා.
දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදී.
ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන්.
සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවූ බව ඇය පැවසුවා.
මේ වනවිට නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරන මියා පවසන්නේ, “මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න…මම ඒ දේ අද රෑ සිදුකළා…”