29 C
Colombo
Thursday, July 17, 2025

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි

- Advertisement -

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් අද (30) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කළා.

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්ථන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම විත්තිකරුවන් මිනීමැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේදි නිදහස් කර තිබූ බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්ථන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES