31 C
Colombo
Sunday, November 27, 2022

ඔයාලා කෑගහනකොට චූටි දුවට කන්න බැහැ. ඊයේ කෑවෙත් නැහැ – රාජ්‍ය ඇමති සාන්ත (වීඩියෝ)

- Advertisement -

තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගසමින් විරෝධතාවන් සිදු නොකරන ලෙසට නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එලෙස කෑ ගසා උද්ඝෝෂණය කරන විට තමන්ගේ කුඩා දියණිය බිය වන බවත් එවිට ඇයට ආහාර ගැනීමට පවා නොහැකි බවත් ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළා.

දියණීය ආහාර නොගත් නිසා මාධ්‍ය ඉදිරියේ ශාන්ත බණ්ඩාර මහතා හඩා වැටෙන ආකාරයද දක්නට ලැබුණා.

හැඩූ කඳුලින් ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේ තමන් ආණ්ඩුවට එක්වීමට මුදල් ලබාගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහසක් පක්ෂයේ පිරිසක් තම චරිතය ඝාතනය කරන බවයි.

ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීමෙන් අනතුරුව ඊට එරෙහිවූ ප්‍රදේශවාසීන් පිරිසක් බණ්ඩාර මහතාගේ මහරච්චිමුල්ලේ පිහිටි නිවස වටලා දැඩි විරෝධයක් පලකළා.


RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...