27.9 C
Colombo
Wednesday, May 14, 2025

දවස සාමකාමී

- Advertisement -

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (04) උදෑසන ආරම්භ කෙරුණා

ඒ අනුව ඊයේ ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ටයි.

ඊයේ පෙරවරු 9ට ඡන්ද සලකුණු කිරීම ආරම්භ කෙරුණා.

නොවැළැක්විය හැකි හේතුවක් මත ඊයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 වනදා අතිරේක දින දෙක හිමිවනවා.

සෙසු රාජ්‍ය ආයතන, පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතන නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද (05) සහ හෙට (06) දෙදින වෙන් කර තිබෙනවා.

පස්වරු 4න් අවසන් වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ,

“අද දිනයේ සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් තිබෙන්වා. මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව.”

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 736,589 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුණා.

ඒ අතරින් ඉල්ලුම්පත් 24,270ක් ප්‍රතික්ෂේප වී ඇති අතර 712,319 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...